තවත් ප්‍රාදේශීය සභා සභාපති වරයෙක් ධුරයෙන් ඉවත් කෙරේ

gazette Sri Lanka politics Katharagama
By Sewvandhi Jan 11, 2022 08:51 AM GMT
Report

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ධූරය සති 2කට අත්හිටුවමින් හම්බන්තොට මහාධිකරණය නියෝගයක් නිකුත්කර තිබේ. කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන විසින් ඉදිරිපත් කළ අයවැය වාර්තාව දෙවරක් පරාජය විය.

එවැනි අවස්ථාවක සභාපතිවරයා වෙනුවට නියෝජ්‍ය සභාපතිවරයාව වැඩ බලන සභාපති ලෙස පත්කිරීම කළ යුතුය. නමුත් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ගැසට් නිවේදනයක් නිකුත්කරමින් දන්වා තිබුණේ සභාපතිවරයාට එම ධූරයේ තවදුරටත් කටයුතු කළ හැකි බවය.

අනතුරුව කතරගම ප්‍රාදේශීය සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයේ නඩුවක් ගොනු කළේය. එහිදී කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා කතරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%