තවත් විහාරස්ථානයකට වෙඩි.
Sri Lanka Police
Shooting
By Wayomi
අද(11) මහියංගණ, දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.
එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
විහාරාධිපති පොල්පැල කැටියේ පඤ්ඤාරතන හිමියන් කියා සිටියේ, කුකුලාපොල ගම්මානයේ සිදුවන ජාවාරම්වලට විරෝධතාව දැක්වීම හේතුවෙන්, ජාවාරම්කාර පිරිසක් විසින් විහාරස්ථානයට වෙඩි තබන්නට ඇතැයි සැක බවයි.
විහාරාධිපතිහිමිගේ පැමිණිල්ලෙන් පසු දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරික්ෂක නිළධාරින් එම ස්ථානයට ගොස් සිද්ධිය නිරික්ෂණය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මහියංගණ පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.