ප්‍රබලයින් පිරිසකට රටින් යෑම තහනම් කරන්න යයි?.

Sri Lanka Politician
By Wayomi Apr 27, 2022 04:16 AM GMT
Report

දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින මෙරට මැති ඇමතිවරු රටින් පළායාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව ඔවුන්ට විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට නීතීඥයින් පිරිසක් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම දේශපාලකයින් මෙරටින් පළා ගියහොත් අදාළ නඩු කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් සිදුවන බවත්, ඔවුන් විසින් අවභාවිතාවට ලක් කළ රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපළ යළි අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට දැඩි අගතියක් සිදුවන බව නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නීතීඥයින් ඉදිරිපත් කළ එම ඉල්ලීමට නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ද ලැබුණු බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.
Join Now