අනන්‍යතාවය තහවුරු නොවූ තවත් අභිරහස් මළ සිරුරක්.
Sri Lanka Police
Mysterious Death
By Wayomi
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ බේරේ වැව ආසන්නයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.
එම මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (06) කොම්පඤ්ඤවීදිය පොලිසීයට තොරතුරක් ලැබී ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මරණකරු වයස අවුරුදු 45ත් 50ත් අතර උස අඩි 05යි අඟල් 06 පමණ වන පිරිමි පුද්ගලයෙකු වන අතර නිල් පැහැති කොටු සරමක් ඇඳ සිටී බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෘත ශරීරයේ බාහිරින් පෙනීමට තුවාල කිසිවක් නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන කරනවා.