දක්ෂිණ අධිවේගයේ තවත් බිහිසුණු අනතුරක්.

Accident Highways In Sri Lanka
By Wayomi Feb 26, 2024 06:39 AM GMT
Report

අද (26) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර් 4. 1 කණුව අසලදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන්ගත් ලොරියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර කුඩා ලොරි රථයේ රියදුරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය වෙත මාළු මිලදී ගැනීම සඳහා රත්ගම සිට යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු රැගත් ලොරියක් සහ හම්බන්තොට සිට කුරුණෑගල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක්.

කුඩා ලොරි රථයේ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර අනතුරින් කුඩා ලොරි රථයට දැඩි හානි සිදුව තිබෙනවා.

එම අනතුරින් මියගොස්බ් ඇත්තේ, 55 හැවිරිදි කමල් සොයිසා නැමති රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.