පරිස්සමෙන් ඔබත් හසුවෙයි.. බදු මුදල් ගැන ඇහෙන භයානක කතාව..
දේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කර තිබෙනවා
ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිලි කර තිබුණා.
එහිදී නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ එලෙස අයකරනු ලබන කිසිදු මුදලකට එම දෙපාර්ථමේන්තුව වග නොකියන බව සදහන් කළා.
බදු අයකිරීමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී නීත්‍යානුකූලව පමණක් සිදු කරන බව සියලුම බදු ගෙවන්නන් වෙත ඔහු දැනුම් දී තිබෙනවා.
බදු ගෙවීම් පිළිබඳ හෝ වෙනත් යම් ගැටලුවක් වෙතොත් ළඟම ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණ එම ගැටලු නිරාකරණය කරගන්නා ලෙසට ඔවුන් සදහන් කළා.
පසුගිය දිනවල ටින් හෙවත් බදු අංකය සම්බන්ධයෙන් කතා බහක් ඇතිවුණු අතට එය ලිහිල් භාවයක් මැතිවරණය ලන් වීමත් සමග ඇති වුණා.