යුක්‍රේන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්... (VIDEO)
සිය හමුදා කියුව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බව යුක්‍රේන ජනාධිපති පවසයි. වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියේය
. "අපි මේ සටන තවදුරටත් අල්ලාගෙන ඉන්නවා. සටන ඉදිරියට යනවා. අපි අපේ භූමිය අපේ නිදහස ,අපේ අනාගත දරුවන් වෙනුවෙන් සටන් වදිනවා. අපේ බටහිර නගරවලට මේ වෙනකොට ප්‍රහාර එල්ල වුණත් අපි තවදුරටත් සටනෙම ඉන්නවා.
යුක්‍රේන ජනතාවනි, හැකි හැමදෙනාම සතුරන් විනාශ කරන්න. පුළුවන් හැම කෙනෙක්ම ආපසු යුක්‍රේනයට පැමිණෙන්න. අපි ආරක්ෂා කරමු. යළි ගොඩනගමු. යුක්‍රේනය තම ජීවිතය, රට වෙනුවෙන් පූජා කළ සකුන් විටාල් මම යුක්‍රේනයේ වීරවරයෙක් ලෙස නම් කරනවා. ජාතික ආරක්ෂකයිනි, පොලිස් නිලධාරින්, දේශසීමා ආරක්ෂකයිනි..
. තවදුරටත් අල්ලගෙනම ඉන්න. යුක්‍රේනයට ජය වේවා." කෙසේ වෙතත් මේ වන විට යුක්‍රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රට පුරා ප්‍රදේශ රැසක දරුණු යුද ගැටුම් වාර්තාවන අතර රුසියන් හමුදා ගුවනින් ගොඩබිමින් සහ මුහුදෙන් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී.
රුසියානු යුද ටැංකි සිය නගරයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පාරට බැස සිටින යුක්‍රේන වැසියන් පිරිසක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එමෙන්ම යුක්‍රේන නගරයක මංසන්ධියක් පසුකර යෑමට පැමිණෙන රුසියානු යුද ටැංකියක් ඉදිරිපිටට පැමිණෙන යුක්රේන වැසියෙක් සිය රටට එරෙහිව සිදුකරන ආක්‍රමණයට විරෝධය පළ කරමින් එම යුද ටැංකිය මතට නැගීමට උත්සහ කළද, එය අසාර්ථකවූ තැන එය ඉදිරිපිට දණ ගසන අයුරු දක්නට ලැබුණි.
කෙසේ වුවත් ඒ අසල රැස්ව සිටි පිරිස් එම පුද්ගලයා ඉවතට ගැනීමට කටයුතු කිරීමෙන් පසුව රුසියානු යුද ටැංකි ඉදිරියට ඇදෙන අයුරු එම වීඩියෝවේ දක්නට ලැබේ. රුසියාව කියුව් ආසන්නයේ තෙල් ගබඩාවකට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඉන් ගෑස් නල මාර්ගයක් පුපුරා ගොස් තිබුණි