ඖෂධ ආනයනය සීමා කලාද..? මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් නිවේදනයක්..!
                    
                medicine
            
                    
                ministry of finance
            
                    
                S.R.Atigala
            
                    
                Cjanna Jayasumana
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    පසුගිය දා අත්‍යවශ්‍ය භාණ්ඩ 367කට සීමා පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.ඒ එම අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ගවලට ආනයනික වාරණය පනවමින්.
මෙම තත්ත්වය මත ඊයේ (10) දිනයේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අවසර ලබා දුන්නේ, සියලුම ඖෂධ ආනයනකරුවන්ට සාධාරණ මිල ගණන් යටතේ ඖෂධ මිල ඉහළ දැමීමටයි.
එමෙන්ම අමාත්‍යවරයා නිවේදනය කළේ, එම ඉහළ දැමීම සිදු කළ විට දී කිසිදු අයුරකින් රට තුළ බෙදාහරින ඖෂධ සැල්වල ඖෂධ හිඟ වීම සිදු නොවිය යුතු බවයි.
මෙවන් තත්ත්වයක් මත, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ඖෂධ ආනයනය තහනම් කරමින් කටයුතු කර නොමැති බවයි.
ඒ අනුව කිසිදු ලෙසකින් එම භාණ්ඩ ලැයිස්තුවට ඖෂධ ආනයනයට සීමා පනවා නොමැති බව ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    