රියදුරන්ට විශේෂ නිවේදනයක්..!
කල්ඉකුත් වන රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම වසරක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමටත් එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2022 අප්‍රේල් 01 වනදා සිටි 2022 ජූනි 30 වනදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවය.
2022 ජූලි 01 වනදා සිට 2022 සැප්තැම්බර් 30 වනදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 3කින් දීර්ඝ කිරීමට ද තීරණය කර තිබේ.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මින් පෙර දින දීර්ඝ කිරීම තුළින් ලබාදී ඇති සහන කාලයන් අනුව ඉහත දිනවලදී අවලංගු වෙන රියදුරු බලපත්‍ර ද මීට ඇතුළත් බවය.
ඊට අමතරව පහත සඳහන් පියවරයන් ද ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය, තාවකාලික රියදුරු බලපත්‍රය සඳහා ආරක්ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් පොලිස් දෙපාර්තමේන්තුවට හඳුන්වාදීමට ද කටයුතු සම්පාදනය කිරීම.
දැනට නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වසරක වලංගු කාලයක් සහිත නව තාවකාලික රියදුරු බලපත්‍රයක් තැපැල් මගින් බලපත්‍රලාභියාට ලබාදීම.
යථා තත්ත්වයට පත්වීමෙන් පසුව අදාළ කාඩ්පත් මුද්‍රණය කර ඉල්ලුම්කරුවන්ගේ නිවසටම රියදුරු බලපත්‍රය ලබාදීම.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |