ලොව විශාලතම සර්පයා වන 'ඇනා ජූලියා' ට වෙඩි තියලා.. (PHOTOS)

Latest Headlines Decision Making
By krishani Mar 27, 2024 12:16 PM GMT
Report

සත්ව විද්‍යාඥයන් විසින් ලොව විශාලතම සර්පයා ලෙස මීට සති පහකට පමණ පෙර 'ඇනා ජුලියා’ නම් ඇනකොන්ඩා හඳුන්වා දෙන ලදී.

ලොව විශාලතම සර්පයා වන

නමුත්, එම ඇනකොන්ඩාට වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

දඩයම්කරුවන් පිරිසක් විසින් අඩි 26ක් දිග සහ රාත්තල් 440කට වඩා බරැති මෙම ඇනකොන්ඩා මෙලෙස මරා දමා තිබෙනවා.

ලොව විශාලතම සර්පයා වන

මෙම විශාගලතම ඇනකොන්ඩාව පසුගිය පෙබරවාරි මාසයේ දී, 15 දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර සත්ව විද්‍යාඥයන් කන්ඩායමක් විසින් ඇමසන් වනාන්තරයේ ගෝත්‍රිකයන්ගේ ද මඟ පෙන්වීම ඇතිව ඇමසන් ගංගාවට සම්බන්ධ අතු ගංගාවකින් සොයා ගැණින.

ඒ අනුව ගැහැණු සත්වයකු වූ මෙම ඇනකොන්ඩා ‘ඇනා ජුලියා’ යනුවෙන් නම් කෙරිණ.

ලොව විශාලතම සර්පයා වන

මිනිස් ප්‍රමාණයේ හිසක් සහිත මෙම ඇනකොන්ඩා ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වූයේ, රූපවාහිනී වනජීවී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන නෙදර්ලන්ත ජීව විද්‍යාඥ මහාචාර්ය ෆ්‍රීක් වොන්ක් විසින් ය.

ලොව විශාලතම සර්පයන් ලෙස සැලකෙන්නේ ඇනකොන්ඩාවන් වේ.

කෙසේ වෙතත්, ඇනකොන්ඩාවන් පිඹුරන් විශේෂයක් වන අතර ඇනකොන්ඩාවන් අතරින් ද විශාලතම ඇනකොන්ඩා ලෙස සැලකුණේ ‘ඇනා ජුලියා’ වේ.