අංගොඩදී සුවවන රෝගීන්ට අත්වන ඛේදනීය ඉරණම

Sri Lanka
By Sewvandhi Oct 19, 2023 04:35 PM GMT
Report

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය පවසන්නේ, මානසික රෝගවලට ගොදුර වී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ ඇතැම් පිරිස් යළි නිවෙස් වෙත කැටුව යාම ඔවුන්ගේ ඥාතීන් ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලු උද්ගතව ඇති බවයි.

එනම් මේවනවිටත් එවැනි පුද්ගලයින් ස්වයං රැකියා සඳහා පුහුණුව ලබාදී රැකියා වෙත යොමු කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

අදවන විට මෙම ස්ථානයේ සහ මුල්ලේරියාව සල්මල් උයන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස 972 කි. කෙසේ වෙතත් මානසික රෝගී තත්වයෙන් මිදුණු එවැන්නන් 476 දෙනකු මේ වනවිට මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව රැඳී සිටියි.

කෙසේවෙතත් එම පිරිස ක්‍රමයෙන් වර්ධනය වීම නිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රෝහලට දුෂ්කරතා රැසකටද මුහුණ පෑමට සිදුව තිබේ.