ටෙස්ට් පිටියට සමුදුන් ඇන්ජලෝ

Angelo Mathews Cricket Sports Sinhala news
By Shehan Jun 21, 2025 04:35 PM GMT
Report

විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් අද දින සිය ටෙස්ට් තරග බිමට සමුදීමට තීරණය කර තිබේ.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමු දෙනු ලැබීය.

පුරා දශක එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ. එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති මැතිව්ස් ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45කට හිමිකම් කියනු ලබයි. මෙම තරගය ආරම්භයට ප්‍රථම සිය ටෙස්ට් සමුගැනීම ප්‍රකාශයට පත් කළ මැතිව්ස් මීට සුළු මොහොතකට පෙර ගාලු ක්‍රීඩා ලෝලීන්ට සිය ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිනයට සමු දෙනු ලැබීය.