සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු රිය අනතුරකින් රෝහල් ගත කරයි..(PHOTOS)

Cricket Accident England
By Sewvandhi Dec 14, 2022 06:16 PM GMT
Report

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් බීබීසී රූපවාහිනී වැඩසටහනක් වන ‘ටොප් ගියර්’ වැඩසටහනේ රූගත කිරීම් අතරතුර රිය අනතුරකින් රෝහල් ගත කර තිබේ.

45 හැවිරිදි ෆ්ලින්ටොෆ් සරේ හි ඩන්ස්ෆෝල්ඩ් පාර්ක් ගුවන් ධාවන පථයේ අයිස් රඳී ඇති තත්ත්වයක් යටතේ රූගත කිරීම් සිදු කරමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබෙනවා.

"ෆ්‍රෙඩී අද උදෑසන Top Gear පරීක්ෂණ ධාවන පථයේදී සිදු වූ අනතුරකින් තුවාල ලැබුවා කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් වහාම එම ස්ථානයට පැමිණෙනවා, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර වැඩි විස්තර ඉදිරියේදී තහවුරු කරන්නෙමු." යනුවෙන් BBC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ද සන් පුවත්පතට අනුව ෆ්ලින්ටොෆ්ගේ තුවාල "ජීවිතයට තර්ජනයක් නොවන අතර, ඔහු සාමාන්‍ය ලෙස ධාවන පථයේ ධාවනය කර ඇති බවත් අධික වේගයෙන් නොගිය බවත් සඳහන් කර තිබුණා.

“රූගත කිරීම් සඳහා ද සුපුරුදු සෞඛ්‍ය සහ ආරක්‍ෂිත පියවර සියල්ල ගෙන තිබූ බවත්, අනතුර සිදු වී ටික වේලාවකට පසුව ෆ්‍රෙඩීව ගුවන් ගිලන් රථයකින් රෝහලට ගෙන ගිය බවත් මේ වන විට ටොප් ගියර් වඩසටහනේ රූගත කිරීම් කල් දමා ඇති අතර සෑම කෙනෙකු ම ෆ්‍රෙඩී සුවය ලැබීම පිලිබඳ සැලකිලිමත් වන බවත් ද සන් පුවත් පතේ සඳහන් කර තිබුනා.

අනතුර සිදුවන අවස්ථාවේ ටොප් ගියර් වැඩසටහන ඉදිරිපත් කරන පැඩී මැක්ගිනස් (Paddy McGuiness) සහ ෆ්ලින්ටොෆ්ගේ සමකාලීන නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් හැරිස් ද මෙම ධාවන පථයට පැමිණ සිට තිබෙනවා. මීට පෙර 2019 වසරේ දී, මෙලෙසින්ම ටොප් ගියර් හි තවත් කථාංගයක රූගත කිරීම් අතරතුර ෆ්ලින්ටොෆ් පැයට සැතපුම් 125 ක වේගයෙන් ධාවනය වූ රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් දිවි ගලවා ගත්තා.

එම අධිවේගී අනතුරින් දිවි ගලවාගත් ඔහු එවර කියා සිටියේ තමන් එම අනතුරට මුහුණ පෑ පසු කිසිදු බරපතළ හානියක් ඔහුට සිදු නොවූ බවයි. තමන් සියයට සියයක් ශාරීරික යෝග්‍යතාවයෙන් සිටි බවත් ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් එහි දී ප්‍රකාශ කර සිටියා.

ඔහු එකල මෙසේ පවසා තිබුණා. "මම Top Gear drag races වල හොඳින් දස්කම් දක්වන බවට සහතික වීමට මම බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරන්නෙමි", නමුත් මේ අවස්ථාවේදී, එය බොහෝ දුර ගියා. ඇතැම් විට ඔබ එය රූපවාහිනියෙන් දකින විට එය භයානක වීමට වඩා හාස්‍යජනක ලෙස පෙනෙනු ඇත." 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery