ලෝකයේ විශාලතම තොල් ඇති සුරූපි යුවතියකගේ අමුතු ආසාව - පියයුරු විශාල කිරිමේ ශල්‍යකර්මයත් කරලා.. (PHOTOS)

By krishani Nov 18, 2022 03:23 AM GMT
krishani

krishani

in ලෝකය
Report

බල්ගේරියාවේ Andrea Ivanova හට ඇගේ තොල් ලෝකයේ විශාලතම තොල් බවට පත් කිරීමට අවශ්‍ය විය.

මේ සඳහා ඇය තොල්වල ප්‍රමාණය 32 වතාවක් පොම්ප කර විශාල කර ඇති අතර මෙයට ශ්‍රී ලංකා වටිනාකමින් රුපියල් ලක්ෂ 35ක් පමණ වැය කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ “මට අවශ්‍ය මගේ දෙතොල් ලොකු කරගෙන නව ලෝක වාර්තාවක් නිර්මාණය කරන්නයි. ඒ නිසා මම සති දෙකකට සැරයක් හයුලූරොනික් අම්ලය එන්නත් කරනවා” යැයි ඇය  පැවසීය.

ඇන්ඩ්‍රියාගේ ඡායාරූප බැලීමට බියජනක සහ පිළිකුල් සහගත බව බොහෝ දෙනා විවේචනය කර ඇත.

මෙහිදී ලොව දිගම සහ තියුණුම නිකට ලබාගැනීම ඇයගෙ අරමුණ වී ඇති බව වාර්තා වේ.

ඇන්ඩ්‍රියා මීට පෙර පියයුරු විශාල කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව ද සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery