බෝම්බ බියක් මැද දැඩි ආරක්ෂාව මැද්දේ පැවැත්වුණු ආන්න්ත් රාදිකා විවාහය... (PHOTOS)
ලෝකයේම අවදානය දිනා ගැනුණු ඉන්දීය ධන කුවේර මුකේෂ් අම්බානිගේ පුතුවන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් අතර තෙදින විවාහ මංගල උත්සවය මුම්බායි හිදී පැවැත්වුණා.
එහිදී හොලිවුඩ්, බොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම විවාහා උත්සවයට ඉන්දීය රුපියල් කෝටි 5,000 ඉක්මවූ මුදලක් වැය වී ඇති අතර එය මුකේෂ් අම්බානිගේ පූර්ණ වත්කමෙන් සියයට 0.5ක් පමණක් බවයි ලොවපුරාව අවදානයට පාත්‍ර වුණෙ.
පැවති දැඩි ප්‍රසිද්ධිය නිසාම එම විවාහ උත්සවයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවමින් සමාජ මාධ්‍යය සටහනක් තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉංජිනේරුවකු බව කියන තිස්දෙහැවිරිදි මේ පුද්ගලයා ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරා නුවර වැසියෙක්. ඔහුගේ බෝම්බ තර්ජනයත් සමග ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගත්බවයි වාර්තා වන්නේ.
මැති ඇමතිවරුන් බොලිවුඩ් නළු නිළියන් සහ විදේශීය ප්‍රභූවරුන් රැසක් ද සහභාගි වූ මෙම විවාහ උත්සවයට අධි ආරක්ෂාවක් යොදා ඇත්තේ ආරාධිතයින් ඇතුළු සියලු පුද්ගලයින්ට නොදෙන ආකාරයෙන්.
පෙරේදා ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ නිවෙස වැටලූ මුම්බායි පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන මුම්බායි නුවර රැගෙන ආවා. එමෙන් ම විවාහ උත්සවයට පැමිණි ඔහුගේ සමීපතම මිතුරන්ට ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුතු අත් ඔරලෝසුව බැගින් තෑගි ලබා දී තිබුණා මෙය මුළුමහත් ලෝකයේම කතාබහට ලක්වුණා.
අධික ධනයට මේ වන විට කරන්න බැරි දෙයක් නොමැති බව අම්බානි මෙම විවාහා මනංගල්‍ය මගින් තහවුරු කළා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම අත් ඔරලෝසු ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසකට ලබා දී ඇති බවයි.
. තවත් බොහෝ දෙනකුට අධික මිලැති අත් බෑගයන්, රන් මාල සහ නවීන පන්නයේ පාවහන් ලබා බවත් වාර්තාවුණා.
මේ ගැන දිගින් දිගටම කතාවෙන අතරම අවදානයට ලක්ව තිබෙන අතර ජනප්‍රියම බොලිවුඩ් තරු වල ඉතා අලංකාර නර්තන ද මේ වන විට විවිධ මාධ්‍යවල වේගයෙන් පැතිර යනවා.












