මේ දිනවල අතිශය ජනප්‍රිය ඉස්කෝලේ නාට්‍යයේ "අනගි" කවුරුත් පුදුම කරමින් පළමු වරට අනාගත සැමියා ගැන කියයි..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Sewvandhi Oct 21, 2022 04:31 PM GMT
Report

දෙරණ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කරලා ඉන් පසු කළා ක්ෂේත්‍රයට පිවිසි දක්ෂ ජනප්‍රිය වගේම නවක රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඇය මේ දිනවල ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඒ වගේම දෙවෙනි ඉනිමේ තමීරාගේ චරිතය තමයි ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඉතින් ඇයට දෙවෙනි ඉනිමේ කොටස් කීපයක විතරක් රඟපාන්න ලැබුණත් ඒ කෙටි කාලයට ඇයව මුළු ලංකාවේම ජනප්‍රිය වුණා. කොහොම නමුත් රංගන ශිල්පිනියක් වෙනවා කියලා ඇයගේ කිසිම අදහසක් තිබුණෙ නැහැ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර උපාධිය හදාරනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය කලා ක්ෂේත්‍රයේ කෙනකු සමඟ තමයි විවාහ වෙන්න යන්නේ. ඉතින් ඔහුගේ නම දැම්ම කිව්වොත් අගයක් නැහැ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම දෙවෙනි ඉනිම සහ සංගීතේ ටෙලි නාට්‍යයවල සම අධ්‍යක්ෂවරයා තමයිලු ඇයගේ අනාගත සැමියා වෙන්න ඉන්නේ. ඒ වගේම ඔවුන් දෙන්නා ලබන අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඔහුත් කලා ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් නිසා ඇයව හොඳින් තේරුම් අරන්ලු ඉන්නෙ. ඒ නිසා විවාහ වුණාට පස්සෙ රඟපාන එක ගැන කිසිම ගැටලුවක් නැහැ කියලත් ඇය කියනවා. (උපුටා ගැනීමකි)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery