කුණුහරුපයක් වූ යතුරු පැදි අංක තහඩුවක් හමුවෙයි..ප්‍රසිද්ධියේ මහ පාරෙ යද්දි වෙච්ච දේ බලන්න.(PHOTOS)
අංක තහඩුව වෙනුවට "පරුෂ වචනයක්" ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචි (18) හැවිරිදි දෙදෙනෙකු බවයි බොරලැස්ගමුව පොලිසිය පවසන්නේ.
බොරලැස්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු බොරලැස්ගමුව නගර මධ්‍යයේ අද උදෑසන රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු ලෙස මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පිළිබදව විමසිලිමත්වීමේදී එම යතුරුපැදිය පොලිස් නිලධාරීන් පසු කරනවාත් සමගම එහි පසු පැදිකරු පිටුපස අංක තහඩුව දෑත් වලින් වසා ගනු දැක තිබේ.
ඒ පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතාලන ලෙසට සංඥා කළත් එය නොනවත්වා ධාවනය කිරීම නිසා පසුපස හඹා ගොස් පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව නිවැරදිව ප්‍රදර්ශනය කර තිබූ අතර පිටුපස අංක තහඩුව වෙනුවට ඉංග්‍රීසි අකුරෙන් පරුෂ වචනයක් ලියා සවිකර තිබෙනු දැක තිබෙන බවයි පැවසෙන්නේ.
ඒ අනුව පොලිසියට පවසා ඇත්තේ, යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සමග යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී එහි අංක තහඩුව ගලවා ඒ වෙනුවට පරුෂ වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා මෙසේ ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇත්තේ විනෝදයට බවයි.
මෙම තරුණයින් දෙදෙනා අවස්ථා කිහිපයකදී බොරලැස්ගමුව නගරය හරහා මෙසේ යතුරුපැදිය ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුවන් දෙදෙනා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.කො (70870) ජගත් (98537) දළුවත්ත ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වයි.