වැඩ බලන පොලිස්පතිගෙන් වහාම නියෝගයක්..

Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Deshabandu Tennakoon
By krishani Dec 13, 2023 03:18 PM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා වෙනම කොට්ඨාශයක් පිහිටුවන ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිගෙන් වහාම නියෝගයක්.. | An Order To The Police Computer Crime Division

ඒ අනුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇත.

වැඩ බලන පොලිස්පතිගෙන් වහාම නියෝගයක්.. | An Order To The Police Computer Crime Division

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

"පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග සහ උපදෙස් ලබාදුන්නා සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට වෙනමම ඒකකයක් ස්ථාපිත කරන්න කියලා.

ඒ අනුව අපරාධ විමර්ශන කොට්ඨාසයේ වෙනමම ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා.ආගම්වලට සිදුකරන අපහාස සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම වෙනුවෙන්." යනුවෙන් ය.

Youtube සහ Tiktok සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ චීවරධාරියෙක් අත්අඩංගුවට ගනී.(VIDEO/PHOTOS)

Youtube සහ Tiktok සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ චීවරධාරියෙක් අත්අඩංගුවට ගනී.(VIDEO/PHOTOS)


ඒ අනුව මේ සම්බන්ධ පැමිණිලි මහජනතාවට 0112 300 637 අංකය ඔස්සේ දැනුම්දීමේ හැකියාව තිබේ.

ෆැක්ස් අංකය - 0112 381 045

ඊමේල් ලිපිනය - ccid.religious@police.gov.lk