පොලිස් සේවයට බැඳෙන්න ඔබටත් මෙන්න අවස්ථාවක්.
උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබෙනවා.
ඒ, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීවයි.
මේ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 100 ක්, කොස්තාපල්වරුන් 370 ක් සහ කොස්තාපල් රියැදුරන් 30ක් බදවා ගැනීමට නියමිතයි.
සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයන් නොවැම්බර් මාසයේ සිට පුහුණු කිරීම් සඳහා යොමු කෙරන අතර උප පොලිස් පරීක්ෂකවරයකු වසරක පුහුණු කාලයකට යටත් වන අතර කොස්තාපල්වරුන් මාස 8ක පමණ කාලයක් පුහුණු කරනු ලැබේ.
පුහුණු හා උසස් පුහුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බදවාගැනීම් බාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල ඇතුළු නිලධාරීන් බදවාගැනීම් සිදුකරනු ලබයි.