"සතියකට මිනී 20 ගානේ දෙන්න පුලුවන්.." - ' මළ කෙහෙළිය' උණුසුම් වී පොලිසියටත් ගිහින් එහෙ සිදුවුණ දේ.. (VIDEO/PHOTOS)
අද (16) කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධනට විරෝධයක් එල්ල විය.
ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ක්‍රියා කලාපයට එරෙහිව පැවති විරෝධතාවකට සහාය දීම සඳහා පැමිණි අවස්ථාවේ දී ය.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට වීදි නාට්‍යයක් රගදක්වනු ලැබීය.
එය නම් කොට තිබුණේ ‘මළ කෙහෙළිය’ නමින් ය.
එහි මළ මිනී ආකෘති දෙකක් සහ මල් වඩම්ද රැගෙනවිත් ඔවුන් විරෝධතාවයේ නිරත විය.
ඒ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිවයි.
එහිදී විරෝධතාකරුවන් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවීමට උත්සාහ කළේ ය.
ඒත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර තරමක උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ය.
මෙම පිරිස කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය පසු එම ස්ථානයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, විරෝධතාවට දේශපාලනඥයින් සහභාගී විය යුතු නොමැති බව පවසමින් එහිදී විරෝධතාකරුවන් ඔහුට විරෝධය පළ කළේ ය.
වීඩියෝ දර්ශන - Hiru News
.