සැත්කමක් අතරතුර ඊට යොදාගත් උපකරණයක් උදරය තුළ තිබියදීම මහලා.
නවසීලන්ත කාන්තාවකට 2020 වසරේ සිදු කළ සිසේරියන් සැත්කමක් අතරතුර ඇයගේ උදරය තුළට ගොස් තිබූ පිගානක ප්‍රමාණයේ උපකරණයක් සොයා ගෙන තිබෙනවා.
මෙම කාන්තාවට සිදු කරන ලද දරු ප්‍රසුතිය සඳහා වන සිසේරියන් සැත්කම අතරතුරදී අදාළ උපකරණය ඇයගේ උදරය තුළට ගොස් ඇති අතර ශල්‍ය වෛද්‍යවරයා ප්‍රමුඛ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම එම උපකරණය උදරය තුළ තිබියදීම සැත්කම අවසන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිසේරියන් සැත්කම සිදු කිරීමෙන් පසු ගත වූ මාස 18ක කාලයේදීම එම කාන්තාවට තදබල උදරාබාධයක් හටගෙන ඇති අතර පසුව එක්ස්රේ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
එහිදී සෙන්ටිමීටර් 17ක පමණ (අඟල් 6ක) විශ්කම්භයක් ඇති සැත්කම් කැපුම් තුවාලය රඳවා තබා ගැනීම සඳහා තුවාලයට පිටතින් යොදා ගන්නා ඇලෙක්සිස් වුන්ඩ් ඊට්‍රැක්ටර්' නමැති මෘදු නළයක් බඳු වූ උපකරණයක් මෙසේ කාන්තාවගේ උදරයේ තිබෙන බවට සොයාගෙන තිබුණා.
නමුත් මේ වන විට එම කාන්තාවගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය නොවන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ රෝහලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සොයා බලන බවයි නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ.