රත්රන්, මිල අධික මංගල මාලයක් මී හරකෙක් ගිල දාලා - මෙය දැනගත් පිරිස වහා ක්‍රියාත්මක වී සිදුකළ දේ..

India Gold
By krishani Oct 06, 2023 11:34 AM GMT
Report

මී ගවයෙකු විසින් අහම්බෙන් මිල අධික රන් 'මංගල මාලයක්' ගිල දැමීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෂිම් දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

එම මංගල මාලයේ ඇස්තමේන්තුගත වටිනාකම ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 1.5 ක් වේ.

එනම් ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 6 කී.

එහි බර ග්‍රෑම් 20 ඉක්මවන අතර එය සිදුව ඇත්තේ එම මාලය අයිති කාන්තාව ස්නානය කිරීමට පෙර සෝයා බෝංචි සහ රටකජු පොතු පිර වූ පිඟානක් මත ස්වර්ණාභරණ තබා තිබියදී ය.

ඇය නෑමෙන් පසු ලෙලි සහිත පිඟාන කෑමට මී හරකා ඉදිරියෙන් තබා ඇය ගෙදර දොරේ වැඩ කටයුතු කරන්නට පටන් ගෙන තිබෙනවා.

පසුව ආභරණ නැති වී ඇති බව ඇයට වැටහී ඇති අතර පසුදින මී හරකාට පැය දෙකක ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.

එය මැහුම් 60-65 ක සැත්කමක් වන අතර පසුව පශු වෛද්‍ය කණ්ඩායම විසින් එම ආභරණය සතාගේ බඩෙන් සාර්ථක ලෙස ගෙන ඇත.