ඉතාලිය ඇවිලෙයි - වාහන ගණනාවක් ගිනිබත් වෙලා යයි.. එහි තත්ත්වය.. (VIDEO/PHOTOS)

Italy Fire
By krishani May 11, 2023 12:45 PM GMT
Report

ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ පිපිරීමකින් වාහන ගණනාවක් ගිනිගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම පිපිරීම නගරයේ වෑන් රථයකින් සිදු වී ඇති බව වාර්තා වේ.

ඒ ඔක්සිජන් සිලින්ඩර රැගෙන යමින් සිටි වාහනයක් මෙලෙස පිපුරුමකට ලක් ව ඇති අතර වාහන ගණනාවක් ගිනිබත් වෙමින් පවතියි.

සුන්බුන්වලට ඉහළින් ඝන කළු දුමාරයක් නැඟී ඇති අතර මෙම ගින්න නිවාස සංකීර්ණයක් සහ ඔසුසලක් දෙසට පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, එම ප්‍රදේශයේ පාසලක සහ සාත්තු නිවාසයක සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට පොලිසිය කටයුතු කරමින් සිටියි.

දර්ශන අයිතිය - The Economic Time Y-Tube Channel


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


GalleryGalleryGalleryGallery