රෝහලක් අසල පිපිරීමක්..පුද්ගලයින් 09 දෙනෙකු මරුට..
Sri Lanka
Accident
By Aruna
දකුණු අප්‍රිකාවේ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් පිපිරී යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජොහැන්නස් බර්ග් නගරයේ රෝහලක් අසළදී මෙම පිපිරීම සිදු වී ඇති බවයි.
ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ රථය පාලමක් යටින් ධාවනය කිරීමේදී සිරවී ඇති අතර එහිදී එම රථය ගිනි ගැනීමකට ලක් වී ඇති අතර ගිනි නිවන භටයින් එය පාලනය කිරීමට උත්සහ කරමින් සිටි අවස්ථාවේදී තවත් ප්‍රබල පිපිරීමක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ,මෙම සිදුවීමෙන් මීටර 100ක පමණ දුරින් තිබූ රෝහලටද හානි සිදුව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |