පලාගිය කන්දකාඩු රැඳවියෙක් මියයයි.

By Wayomi Nov 12, 2022 04:34 AM GMT
Report

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි රැඳවියෙක් මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා සිංහපුර කැලෑබද ප්‍රදේශයේදී සොයාගෙන රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බවයි වාර්තා වන්නේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි කියා සිටියේ මීට දින දෙකකට පෙර මෙම රැඳවියා සොයාගත් බවයි.

මියගිය රැඳවියා දින කිහිපයක් ආහාර නොගැනීම හේතුවෙන් සිහිසුන්ව සිට ඇති බවයි ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කඳවුරෙන් පලාගිය තවත් රැඳවියන් 11 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW