මහ වැස්සෙ බිස්කට් කන්න හිතන් කඩේට ගිය අත්තම්මාට එද්දී හීනෙකින්වත් නොහිතපු දෙයක් වෙලා..
වයෝවෘද්ධ කාන්තාවක් පාලමකින් ඇදවැටී මිය ගිය අවාසනාවන්ත පුවතක් පිළිබඳව තොරතුරු පුපුරැස්ස, ලෙව්ලන්ඩ් වතුයායෙන් වාර්තා වේ.
තනිව ජීවත්ව ඇති 78 හැවිරිදි මෙම කාන්තාව අධික වර්ෂාව පැවති අවස්ථාවේ දී පෙරේදා (25) අසල පිහිටි ලැයිමක තිබූ කඩයකට ගොස් තිබෙනවා.
ඒ බිස්කට් පැකට්ටුවක් ගැනීමටයි.
එය රැගෙන නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මීට පෙර අවස්ථා කිහිපයකදීත් පුද්ගලයින් රැසක් මෙම පාලමෙන් වැටී ඇති බව වාර්තා වේ.
දැව කඳන් මත ඉදිකර ඇති මෙම පාලම තරමක් අබලන් තත්ත්වයේ පවතින බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඇළට වැටී සිටි මෙම කාන්තාව ප්රදේශවාසීන් විසින් ගොඩට ගන්නා විටත් මියගොස් සිට තිබෙනවා.
මේ අතර, මොණරාගල, වැදිකුඹුර වෙසක් කලාපය වෙත රැගෙන ගොස් සිටි බන්ධනාගාර රැදවියකු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව මොනරාගල පොලිසිය සඳහන් කළේ ය.
මෙලෙස පලා ගොස් ඇත්තේ වැල්ලවාය, නුගේඇළ, බතලආර ප්රදේශයේ පදිංචිව සිටි අයෙකු වේ.
ඔහු බදුල්ල, ඇඹිලිපිටිය, වැල්ලවාය, සියඹලාණ්ඩුව යන අධිකරණවලින් දඩුවම් ලබා මොනරාගල බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු බව පොලිසිය පවසා ඇත.
කෙසේ වෙතත්, අදාල සිරකරු මොනරාගල වැදිකුඹුර වෙසක් කලාපයේ වෙසක් සැරසිලි සහ නිර්මාණ සිදුකිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටිය දී නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය කියා සිටියේ ය.