තවත් භූ කම්පන තත්ත්වයක් - පාසලුත් හදිසියේම වසා දමයි.. එහි නවතම තත්ත්වය..

Italy Earthquake
By krishani Sep 18, 2023 10:33 AM GMT
Report

මධ්‍යම ඉතාලියේ භූ කම්පන තත්ත්වයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඒ රික්ටර් මාපාංක ඒකක 4.8ක ප්‍රබලත්වයකින් ය.

භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති අතර භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධියෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.