මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිසට ගල් ප්‍රහාරයක් - ඉඩමෙන් යන ලෙස තර්ජනයක්..
politics
Vijitha Herath
Dhanovita
Stone attack
By Sewvandhi
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිසක් අද අකරතැබ්බයට මුහුණ දෙනු ලැබීය.
අදාළ සිදුවීම වාර්තා වන්නේ දංඕවිට මඩබාවිට ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයේ ජල උල්පත් සහිත පෞද්ගලික ඉඩමක පස් කැපීමක් පිළිබඳ ලද තොරතුරක් විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිස අද එම ස්ථානයට ගොස් තිබේ.
එහිදී ඉඩම් හිමියා විසින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට ගල් ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානම් වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |