චීනයෙන් නැවකට ප්‍රහාරයක්.

China Philippines
By Wayomi Aug 07, 2023 12:57 PM GMT
Report

පිලිපීන නෞකාවකට චීන නෞකාවකින් ජල ප්‍රහායක් එල්ල වී තිබෙනවා. 

ඒ දකුණු චීන මුහුදේ යාත්‍රා කරමින් සිටියදී. 

ස්ප්‍රිට්ලි දූපතේ රැඳී සිටින පිලිපීන හමුදාව වෙත සැපයුම් රැගෙන ගිය නෞකාවක් මෙම සිදුවීමට මුහුණ දී ඇත. 

පිලිපීන හිතවාදී රටක් වන ඇමරිකාව පවසන්නේ චීනයේ මෙම ක්‍රියාව තරයේ හෙලා දකින අතර මෙහි  වගකීම චීන නාවික හමුදාව භාර ගත යුතු බවටයි . 

ස්ප්‍රිට්ලි දූපත ඇතුළු මුහුදු කලාපයේම බලය චීනය සතු වුවද මෙම කලාපයට මැලේසියාව, වියට්නාමය, බෘෘනායි මෙන්ම තායිවානය ද හිමිකම්  කියනු ලබනවා.

කෙසේ නමුත් චීනය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.