සුරතල් සතුන් ඉන්න ඔබට විශේෂ පණිවුඩයක්..

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Jun 08, 2022 03:49 AM GMT
Report

සාමාන්‍ය පරිදි මෙරටට ඖෂධ ලැබීම ආරම්භ වන්නේ අගෝස්තු මස සිට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඖෂධ හිඟය හේතුවෙන් නිවෙසන්වල ඇති කරන සුරතල් සතුන් මඟින් සිදුවන හානි අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"අපි ජනතාවට කියන්න ඕනේ මේ වේලාවේ මේ කාල සීමාව ඉතා පරිස්සම්කාරී ලෙස ජීවත්වෙන්න ඕනේ.අපි දකිනවා සෑහෙන ප්‍රමාණයක් බල්ලෝ, පුසෝ වැනි සත්තුන්ව අනවශ්‍ය ලෙස හුරතල් කරන්න ගිහිල්ලා සපාකාලා නැත්නම් හූරගෙන එනවා. මං හිතන්නේ මේ කාල සීමාවේ දී අපි සියලු දේම දැනගෙන මම කියන්නේ ඒවා කරන්න එපා කියලා නෙමෙයි.ඉතාම සුපරික්ෂාකාරීව හැසිරෙනවා නම් ගොඩක් හොඳයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join