කෝප වුන 15 හැවිරිදි දැරියක් ජංගම දුරකථනය ගිල දාලා..

India
By krishani Apr 08, 2023 02:20 AM GMT
Report

ඉන්දියාවේ බින්ද් දිස්ත්‍රික්කයේ අමායාන් ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අධික කෝපයට පත්ව ඇයගේ ජංගම දුරකථනය ගිල දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් පසුව පවුලේ සාමාජිකයින් විසින් ඇයව බින්ද් දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

තත්ත්වය බලපතල වීම හේතුවෙන් වෛද්‍යවරු ඇයව ග්වාලියර් (Gwalior) රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පැයක පමණ ශල්‍යකර්මයකින් අනතුරුව වෛද්‍යවරුන් දැරියගේ උදරයෙන් දුරකථනය පිටතට ගෙන ඇත.

කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම හේතුවෙන් ඇගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී තිබෙනවා.

කෙසේවෙතත්, දැරියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join