පත්වීම් අනුරට ඕන විදිහට? - නව සංශෝධනයකට සියල්ල සූදානම්

Anura Kumara Dissanayaka Sri Lanka Constitutional Latest Headlines Sinhala news NPP Government
By Shehan Jul 28, 2025 05:01 AM GMT
Report

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පෙර, වත්මන් ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒම පිළිබඳ රජය තුළ අභ්‍යන්තර සාකච්ඡාවක් ඇති වී ඇතැයි ‘ඉරිදා මව්බිම’ පුවත්පත වාර්තා කරයි.

ආණ්ඩුකරණයේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු හේතුවෙන්, නව ව්‍යවස්ථාවක් සම්පාදනයට වඩා සංශෝධනයක් හරහා එම ගැටලු විසඳීමට රජයේ අවධානය යොමු වී ඇත. මෙම සංශෝධන කඩිනම් කිරීමට හේතුව වී ඇත්තේ, රජයේ ප්‍රධාන තනතුරු සඳහා පත්වීම්වලදී ව්‍යවස්ථාදායක සභාවෙන් එල්ල වූ බාධා බව ආරංචි මාර්ග පවසයි. 

විශේෂයෙන්, හිටපු අභියාචනාධිකරණ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත්, විගණකාධිපති ධුරයට යෝජිත පුද්ගලයෙකුත් පත්කිරීමට එම සභාවෙන් අනුමැතිය ලබාගැනීමට රජය අපොහොසත් වීම මෙම සංශෝධන අවශ්‍යතාවයට හේතුවී ඇත.

රජයේ ඇතැමුන් පෙන්වා දී ඇත්තේ, ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට සංශෝධනයක් හරහා හැකියාව ඇති බවත්, පාර්ලිමේන්තුවේ රජය සතු අතිමහත් බහුතර බලය භාවිතා කර එය කඩිනමින් සිදුකළ හැකි බවත්ය. මේ සම්බන්ධයෙන් නීති විශාරදයන්ගේ අදහස්ද විමසා ඇතැයි ආරංචි මාර්ග ‘ඉරිදා මව්බිම’ට සඳහන් කළේය.