අමිල වේරගොඩට ඇප..

municipal council Buddika C Ragala Amila weragoda kadugannavaa
By Sewvandhi Feb 26, 2022 02:06 AM GMT
Report

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා රුපියල් 20,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (25) නියෝග කළේය. 

 සැකකරු කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නගරාධිපති ලෙසට සදහන් කරමින් කූඨ ලේඛනයක් සකස් කර එය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේය.

මෙම සැකකරු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. 

 මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ, මෙම සැකකරු සම්බන්ධයෙන් එවන් සිද්ධියක් පිළිබදව අනාවරණය වේ නම් ඒ පිළිබදව අධිකරණය හමුවේ වෙනම නඩුවක් ගොනුකර ඉදිරි පියවර ගන්නා ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now