හදිස්සියේම ඇමරිකාවේ යුද නෞකාවක් මෙරටට වරායකට..!

America Arleigh Burke-Class Destroyerr Naval ship Trinco harbor
By Sewvandhi Mar 13, 2022 04:53 PM GMT
Report

ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව අද (13දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62) යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව 300ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් D.J. Catteral කටයුතු කරනු ලබයි. 

USS FITZGERALD (DDG 62) නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇති අතර, මෙම නෞකාව 2022 මාර්තු මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now