ඇමෙරිකාව දනගැස්සූ 21 හැවිරිදි තරුණයා..අන්තර්ජාලයට හදිසියේම මුදාහැරිය දෙයින් සිදුවූ දේ මෙන්න...

United States of America
By Aruna Apr 14, 2023 04:07 AM GMT
Report

රහස්‍ය දත්ත රැසක් අන්තර්ජාලයට මුදා හැර ලෝකය හමුවේ අමෙරිකාව අපහසුතාවට පත් කළ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙක්.

බොස්ටන් හිදී අදාළ සැකකරු එෆ් බී අයි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, රජයේ රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවට පත්කර ඇති ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පවරන බවයි.

අමෙරිකාවේ මිත්‍රපාර්ශවීය රටවල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුද උපක්‍රම ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් ඉකුත් දා අන්තර්ජාලයට මුදාහැර තිබුනු එම රහස්‍ය දත්ත හරහා අනාවරණ වීම විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now