දැඩි හිම කුණාටු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් - වසර 40කට පමණ පසු අවම උෂ්ණත්වයක්.. (විදෙස්)
United States of America
Weather
By krishani
අමෙරිකාවේ ප්‍රදේශ රැසක දැඩි හිම කුණාටු තත්වයක් ඇතිවන බවට අමෙරිකානු ජාතික කාලගුණ සේවාව අනතුරු ඇඟවීමක් නිකුත්කර ඇති අතර එම දැඩි හිමපතන තත්වයන් පිළිබඳව මිලියන 100ක පමණ ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ.
සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියක් අංශක සෘණ 55ක් දක්වා පහත වැටී තිබෙන අතර ඇතැම් ප්‍රදේශවලට වසර 40කට පමණ පසු වාර්තාවන අවම උෂ්ණත්වය මෙය වේ.
හිම කුණාටු තත්ත්වය හේතුවෙන් දහස් ගණන් ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර නගර කිහිපයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |