ත්‍රස්ථ ප්‍රහාර අවදානමක් හේතුවෙන් කැළඹුණු අමෙරිකාව..

United States of America
By Sithumini Jul 01, 2024 10:38 AM GMT
Report


අමෙරිකා වෙත එ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානමක් එල්ල වී තිබෙනවා මේ හේතුවෙන් යුරෝපයේ පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් සීරුවෙන් තැබීමට අමෙරිකාව මේ වන විට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව වසර 10කට පමණ පසුව අමෙරිකාවට දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ හමුදා කඳවුරු අතරට ජර්මනියේ ශ්ටුට්ගාට් කඳවුර මෙන්ම ඉතාලියේ අවියානෝ ගුවන් හමුදා කඳවුර ද අයත් බව වැඩිදුරටත් සඳහන් වනවා.