ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඇමරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්..

By Sewvandhi Dec 03, 2022 08:03 AM GMT
Report

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතාගේ ආරාධනයකට අනුව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එරට සංචාරයක නිරත වුණු අතට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා වොෂින්ටන් නුවර දී සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එහිදී රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා පළ කළ අදහස් පහතින්,

"මාර්තු මසදී පැවැත්වූ ආසියානු සමුළුවේදී අපි මුණගැසුණා. අප දෙදෙනා මුණ ගැසෙන දෙවන අවස්ථාව මේ. ලබන වසරේදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවයේ 75වැනි සංවත්සරය සැමරීමට අප සූදානම්. ඒ වගේම ගෝලීය වශයෙන් සහ කාලගුණ විපර්යාස වැනි ගැටලුවලදී අපි එක්ව කටයුතු කරනවා.

එහිදී ශ්‍රී ලංකාව, එවැනි ගැටලු විසඳීම සඳහා උපකාර කිරීමට වැදගත් පියවර රැසක් අනුගමනය කරමින් සිටිනවා."  "

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අභියෝග මධ්‍යයේ අමෙරිකාව ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අප විසින් අමෙරිකානු ඩොලර් මිලියන 240ක පමණ ණය සහ ආධාර ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබෙනවා. ආර්ථික ස්ථාවරත්වය පමණක් නොව දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමටද අවශ්‍ය සහාය ලබාදීමට අප කටයුතු කරනවා." 

 එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැසුවේ, ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ලබාදෙන සහාය සම්බන්ධයෙන් අමෙරිකානු රජයට ස්තුතිවන්ත වන බවය.

ඉදිරියේදSත් නැගෙනහිර පැසිෆික් කලාපයේ සහ ඉන්දියන් සාගරයේ වඩාත් යහපත් සබඳතාවක් පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බවත් අලි සබ්රි මහතා එහිදී ප්‍රකාශ කළේය.