ලංකාවේ හිටපු හමුදා ලොක්කෙක්ට ඇමරිකාවෙන් සම්බාධක

Sri Lanka Army Sri Lanka United States of America
By Sewvandhi Dec 10, 2022 03:36 PM GMT
Report

ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලදාරියෙකුට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සම්බාධක පනවා තිබේ.ලෝකයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දූෂණ සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සම්බාධක පැනවූ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

එනම්, හිටපු හමුදා ප්‍රධානියෙකු වන ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළක්වමින් සම්බාධක පනවා තිබේ. 

 2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයර් මහතා සම්බන්ධ සිදුවීම මුල්කොට ගනිමින් මෙසේ සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now