අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

A V M Rajan United States of America Weather
By Wayomi Apr 01, 2023 04:58 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, එම ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන්.

මේ අතර එක්සත් ජනපදෙයේ ප්‍රාන්ත කිහිපයක් ටොනෙඩෝ අනතුරු ඇඟවීම් යටතේ පවතින බවයි වාර්තා වන්නේ.

මෙම ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස 400ක් පමණ සම්පූර්ණ‍යෙන් විනාශ වී ඇති අතර පසුගිය සතියේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ මෙවැනිම ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් නිවාස හා දේපළ රැසකට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

එක්සත් ජනපද කාලගුණ බලධාරීන් පවසන්නේ අවසන්වරට මෙවැනි අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබු‍ණේ මීට වසර 10ට පෙර බවයි.

ඒ, අනුව ඉදිරි පැය කිහිපය ඇතුළත අවාසනාවන්ත ලෙස අධික වැසි, ටොනෙඩෝ සහ දැඩි හානිදායක තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ බලධාරීන් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW