රහස්‍ය තොරතුරු අන්තර්ජාලයට මුදා හළ ඇමරිකානු ගුවන් භටයාට ලැබුණු දඬුවම - යුද උපක්‍රම ඇතුලු රහස්‍ය තොරතුරු රැසක් ඒ අතර..
ඇමරිකාවේ රහස්‍ය දත්ත අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමරිකානු ගුවන් භටයාට වසර 15ක සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
21 හැවිරිදි ඔහු ඇමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙක් වේ.
ඔහුව එෆ්.බී.අයි නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අන්තර්ජාලයට මුදා හැර තිබූ රහස්‍ය දත්ත හරහා ඇමරිකාවේ මිත්‍රපාර්ශව රටවල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුද උපක්‍රම ඇතුලු රහස්‍ය තොරතුරු රැසක් අණාවරණය වී තිබෙනවා.
ඔහුට චෝදනා 02ක් යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර අතර ඒ අනුව පළමු චෝදනාවට සැකකරුට වසර 10ක සිර දඬුවමක් ලැබේ.
එමෙන්ම දෙවන චෝදනාවට වසර 05 ක සිරදඬුවමක් ලැබෙනු ඇති අතර ඒ අනුව වසර 15 ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |