ඇමරිකාවට දැඩි චෝදනාවක්..

United States of America China
By Sithumi Feb 24, 2023 01:48 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

 චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ,අමෙරිකාව සහ කැනඩාවට ඉහළ අහසේ පාවෙමින් තිබිය දී බිම හෙලූ චීන බැලුනය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් එරට දෛනික මාධ්‍ය හමුවක දී සඳහන් කර ඇත්තේ අමෙරිකාව අදාළ බැලුනයේ සුන්බුන් විශ්ලේෂනය ඇතුලු සියලු කටයුතු රහසිගත ආකාරයෙන් සිදුකරන බවයි.

ඔත්තු බැලීම සඳහා චීනය විසින් මෙම වායු බැලුනය යොමුකර ඇති බවට චෝදනා කරමිනුයි අමෙරිකාව පසුගිය සතියේ එය වෙඩි තබා බිම හෙලනු ලැබූ අතර මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ අමෙරිකාවේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ බීජිං සංචාරය ද කල් දැමුණා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now