ඇමරිකානු ජනපති හදිසියේ යුක්රේනයට කඩාවදී..රුසියාවට අනතුරු ඇඟවීමක්..

United States of America Ukraine Russian Federation
By Aruna Feb 21, 2023 12:11 AM GMT
Report

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අවසන් මොහොත දක්වා අප්‍රසිද්ධියේ සැලසුම් කර තිබු බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණ ඇත්තේ රුසියාව විසින් සිය යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කර පළමු වසර සම්පුර්ණ වීම සනිටුහන් වීමට ආසන්න වෙමින් පවතින අවස්ථාවකදීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක්ද පවත්වා ඇති අතර එහිදී දිගු දුර මිසයිල ඇතුළු ආයුධ සම්බන්ධයෙන් අවදානය යොමු කර ඇත.

" පසුගිය වසර පුරා, අමෙරිකාව විසින් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා ජාතීන්ගේ සන්ධානයක් ගොඩනඟා ඇත්තේ පෙර නොවූ විරූ මිලිටරි, ආර්ථික සහ මානුෂීය සහය ඇතිව යුක්රේනය ආරක්ෂා කිරීමට සහය වන අතර එම සහයෝගය අඛණ්ඩව පවතිනු ඇත." යනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා රැගත් රථ පෙළ යුක්‍රේන අගනුවර වන කිව් වෙත පැමිණෙන විට එය අගුලු දමා තිබෙන අතර අඛණ්ඩව ගුවන් ප්‍රහාර අනතුරු පිලිබඳ හඟවන සයිරන් නළා නාද වූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ යුක්‍රේන සංචාරය හේතුවෙන් නේටෝ සංවිධානය සිය ගුවන් ප්‍රහාරක බලගණය සීරුවෙන් තබා ඇති බවද වාර්තා වනවා.

මේ අතර ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයේ කිව් අගනුවර වෙත හදිසි සංචාරයක් කිරීමට පෙර අමෙරිකාව විසින් රුසියාවට අනතුරු ඇඟවූ බව ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසා සිටියා.

"ජනාධිපති බිඩෙන් කිව් අගනුවර වෙත පැමිණෙන බව අමෙරිකාව විසින් රුසියානුවන්ට දැනුම් දුන්නා.

අපි එසේ කළේ ඔහු පිටත්ව යාමට පැය කිහිපයකට පෙර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා” බවයි අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක වාර්තාකරුවන් වෙත පවසා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now