ඝාතනයට ලක් වූ අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන් කැබිනට්ටුව ගත් විශේෂ තීරණය..

Parliament of Sri Lanka Sri Lanka Cabinet
By krishani Oct 21, 2022 07:30 AM GMT
Report

ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කර තිබුණු අතර ඝාතනයට ලක් වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.