අද දිනයේ තුන්වන වෙඩිතැබීමත් වාර්තා වෙයි - තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 24, 2022 01:55 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඇල්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඇල්පිටිය ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේදී බවය.

ඒ අනුව අද (24) දිනයේදී ප්‍රදේශ තුනකින් වෙඩිතැබීම් වාර්තා විය.  

ගම්පහ, බටපොත, කුරුස හන්දිය ප්‍රදේශයේ අද සිදු වූ වෙඩි තැබීම ඩුබායි හි සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල කල්ලි නායකයා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ඉදිකිරීම් උපකරණ අලෙවිසැලක හිමිකරුවෙකු ඔහුගේ වෙළඳසැල ඉදිරිපිටදීම යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා අද දහවල් ඝාතනය කරනු ලැබුවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වූයේ 34 හැවිරිදි ටී.ඒ.අනුරුද්ධ පුෂ්පකුමාර නමැති සමන් රෝහිත පෙරේරා හෙවත් පස්පොඩ්ඩාගේ ඥාතියෙක්.

මේ අතර, අහුංගල්ල - ඌරගහ මාර්ගයේදී අද දහවල් සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ එක් පාදයකට වෙඩි වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි වැදුණු පුද්ගලයා කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now