ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ගැන ගත් විශේෂ තීරණය මෙන්න.

By Wayomi Apr 07, 2024 06:27 AM GMT
Report

ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ චක්‍ර ලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

එම චක්‍ර ලේඛයට අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති අතර ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා මෙන්ම වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව ද රුපියල් 3,000 දක්වා ඉහළ දමා තිබෙනවා.