පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න දීමනාවක්.
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Government Of Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලට් අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර තිබෙනවා.
යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ඔවුන්ගේ වැටුපට බැර වන අතර සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් හිමි වෙනවා.
ඒ, මන්ත්‍රීවරුන් ගණනාවක් රජයේ බලධාරීන්ගෙන් කළ ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙන්.
ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධනවල අලුත් මිල ගණන් අනුව ගලපා දීමනාව ගෙවන ලෙස මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... | 
 
                 
                 
                                             
        
     
     
     
     
    