මෙරට සුන්දරතම දිය ඇල්ලක්, අද සිට වහාම ක්‍රියාත්මක පරිදි සංචාරකයන්ට තහනම් කෙරේ

waterfall allavala Vallavaya Chandana Rathnayaje
By Sewvandhi Mar 03, 2022 09:25 AM GMT
Report

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ල අද (03) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරකයන් ට තහනම් කලාපයක් කර තිබේ.

අද දින සිට ඇල්ලවල දිය ඇල්ලට ඇතුළුවීම හෝ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා පැවසීය.

පසුගිය දින තරුණයන් දෙදෙනකු මිය යාමත් සමග එම තීරණය ගෙන ඇති අතර පසුගිය මාස කිහිපය තුළ පමණක් පුද්ගලයන් 13 දෙනෙකු ඇල්ලවල දිය ඇල්ලේ දී මියගොස් ඇත.

වැල්ලවාය පරිසර කමිටුව විසින් දිය ඇල්ල වසා තැබීමට මෙලෙස තීරණය කර ඇති අතර නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇල්ලවල දිය ඇල්ල නැවත සංචාරකයන්ට විවෘත කරන බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now