අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිවයිනේ සියලුම පාසල් වසා දැමේ
Latest Headlines
schools
Sinhala news
Puwath.lk
School Holiday
By R.rishma
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
අධ්යාපන අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, හෙට දිනයේ පාසල් කටයුතු සිදු නොවන අතර, විභාගයට අදාළ ප්රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන් නියමිත කාලසටහන අනුව කටයුතු කළ යුතුයි.