සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි

Department of Prisons Sri Lanka Law and Order Prisons in Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Jun 23, 2025 03:54 AM GMT
Report

දිවයින පුරා සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන පරිදි, අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇත.

ඒ අනුව, සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස දැනුම් දී ඇත.

බන්ධනාගාරවල ඉදිරි කටයුතු සහ ආශ්‍රිත වැඩපිළිවෙළ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.